චීන-අප්‍රිකා සබඳතාව අවංක සහයෝගීතා ආදර්ශයක් බව නැමීබියානු ජනාධිපති Nangolo Mbumba මහතා පවසයි. ඔහු ඒ බව පැවසුවේ චීන මාධ්‍ය සමූහය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
මෙවර චීන-අප්‍රිකා සහයෝගීතා සංසදයේ බෙයිජිං සමුළුව විශාලතම සහ වටිනා සමුළුවක් වූ බව ඔහු එම අවස්ථාවේදී පෙන්වා දුන්නේය. එම සංසදයේදී දෙපාර්ශ්වය ව්‍යාපාර, වෙළඳාම, පතල් කර්මාන්තය සහ නව බලශක්තිය ඇතුළු විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර, එම සංසදය ඉතා වැදගත් මෙන්ම සුවිශේෂ අවස්ථාවක් වූ බව ඔහු කියාසිටියේ ය. චීනය සමග විවිධ සහයෝගිතා තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම, සාමකාමී හා ස්ථාවර ලෝකයක් සඳහා චීනය සහ අප්‍රිකාව අත්වැල් බැඳගෙන කටයුතු කළ යුතු බව ද ඔහු පැවසීය.
චීනය නැමීබියාවේ හොඳ සහකරුවෙක් වන අතර, දෙරට අතර මිත්‍රත්වයට දිගු ඉතිහාසයක් පවතින බව Nangolo Mbumba මහතා පැවසීය. නැමීබියාවේ සංවර්ධනයට චීනය සෑමවිටම සහාය වී ඇත. මිලියන සිය ගණනක් ජනතාව දිළිඳුකමින් හා කුසගින්නෙන් මුදවා ගත් චීනය කෙටි කාලයක් තුළ අත්කර ගත් මෙතරම් විශිෂ්ට ජයග්රහණයන් ඇතැම් පාර්ශ්වයන්ගේ ඊර්ෂ්‍යාවට ද ලක්ව ඇත.
කෙසේ වෙතත්, නිදහස් රටක් ලෙස නැමීබියාව සිය සංවර්ධන මාවත තෝරා ගෙන සිය රටට අනන්‍ය ආකාරයෙන් ඒ ඒ රටවල් සමග සබඳතා පවත්වන අතර, අන් අයගේ අභිමතය පරිදි කටයුතු නොකරන බව Nangolo Mbumba මහතා එහිදී පෙන්වා දුන්නේය.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය මුලපිරුම් තුන පිළිබඳව ද Nangolo Mbumba මහතා එහිදී අගය කර ඇත. වඩාත් සාධාරණ සහ පොදු ප්රතිලාභ සහිත ජාත්‍යන්තර පිළිවෙළක් ගොඩනැගීමට එය ඉතා වැදගත් වන බවට ඔහු විශ්වාස කරයි.
යුරේනියම් පතල් කර්මාන්තය මෙන් ම චීනය හා තම රට සමග පවත්නා පතල් කර්මාන්ත සහයෝගිතාව, සේවා නියුක්තිය, තාක්ෂණය සහ සංවර්ධනය යනාදිය වැඩිදියුණු කර ගැනීම තම රටට අතිශය වැදගත් බව ද ඔහු ප්‍රකාශ කළේය.
චීනය සහ නැමීබියාව එකිනෙකාගේ අවශ්‍යතා වඩාත් හොඳින් හඳුනා ගත හැකි මිතුරන් වන අතර, චීනය සහ අප්‍රිකාව අතර අවංක සහයෝගිතාව මනා ආදර්ශයක් බව ද Nangolo Mbumba මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත.