මේ වසරේ පළමු මාස 8 තුළ චීනයේ සමස්ත භාණ්ඩ සැපයුම් පරිමාවේ වර්ධනයක්
2024-10-05 17:24:23
Share with:
චීන භාණ්ඩ සැපයුම් සහ ප්‍රසම්පාදන සම්මේලනය අද(5) මේ වසරේ පළමු මාස 8 තුළ භාණ්ඩ සැපයුම් ක්‍රියාකාරීත්වය පිළිබඳ දත්ත ප්‍රකාශයට පත් කළේ ය.
එම දත්ත වලට අනුව, මෙම වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා, චීනය පුරා සමාජ භාණ්ඩ සැපයුම් වල සමස්ත ප්‍රමාණය චීන යුවාන් ට්‍රිලියන 225 ක් වන අතර, එය පසුගිය කාලසීමාවට වඩා 5.4% කින් වැඩි වී ඇත. එමෙන් ම, එම කාලය තුළ ආනයනය සහ අපනයනය සම්බන්ධයෙන් සලකා බැලූ විට සමස්ත ආනයන භාණ්ඩ සැපයුම් පරිමාව පසුගිය කාලසීමාවට වඩා 4.3% කින් වැඩි වූ අතර, සමස්ත අපනයන භාණ්ඩ සැපයුම් පරිමාව 5% කින් වැඩි විය.
ගෝලීය ආර්ථික ප්‍රකෘතියේ මන්දගාමිත්වය සහ ගෝලීය නිෂ්පාදන වර්ධනය අඛණ්ඩව දුර්වල වීම යටතේ ජාත්‍යන්තර භාණ්ඩ සැපයුම් තත්ත්වයේ වර්ධනය මන්දගාමී වී ඇත.