චීනයේ විදුලි වාහන කෙරෙහි යුරෝපා සංගමය තීරු බදු පැනවීම පිළිබඳ යුරෝපයේ බොහෝ පාර්ශ්වයන්ගේ විරෝධය
2024-10-05 17:05:02
Share with:

චීනයේ විදුලි වාහන කෙරෙහි යුරෝපා සංගමය තීරු බදු පැනවීම සම්බන්ධයෙන් යුරෝපයේ බොහෝ පාර්ශ්ව දැඩි විරෝධය පළ කරති.

හංගේරියානු අගමැති Viktor Orbán මහතා සහ හංගේරියානු විදේශ කටයුතු හා ජාත්‍යන්තර ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය Péter Szijjártó මහතා යුරෝපා සංගමයේ මෙම පියවරට එරෙහි දැඩි විරුද්ධත්වය පළ කරමින් එය යුරෝපා සංගමයේ තරඟකාරිත්වයට හානි කරනු ඇතැයි ප්‍රකාශ කළහ.

යුරෝපා සංගමය මෙලෙස වෙළඳ ආරක්ෂණවාදී පියවර ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ චීන වාණිජ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් දැඩි අතෘප්තිය ප්‍රකාශ කළේය. ද්විපාර්ශ්වික වෙළඳ ගැටුම් උත්සන්න වීම වැළැක්වීම සඳහා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසත්, චීන-යුරෝපා මෙන්ම ලෝක හරිත ක්ෂේත්‍රයේ නිදහස් වෙළඳාම සහ සමෘද්ධිය ඒකාබද්ධව ආරක්ෂා කරන ලෙසත් එම මණ්ඩලය යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම