ඊශ්‍රායල හමුදාව සහ ලෙබනන් හිස්බුල්ලා සංවිධානය අතර දරුණු වෙඩි හුවමාරුවක්
2024-10-05 17:32:35
Share with:

ඊශ්‍රායල හමුදාව සහ ලෙබනන් හිස්බුල්ලා සංවිධානය දරුණු වෙඩි හුවමාරුවක නිරත වෙති.

එම වෙඩි හුවමාරුව ඊයේ (4) රාත්‍රියේ සහ අද (5) අලුයම දකුණු ලෙබනනයේ දී සිදු විය. ඊශ්‍රායල ප්‍රහාරය මැඩපවත්වා ඇති අතර ඊශ්‍රායල හමුදාවට හානි සිදු වූ බව ලෙබනන් හිස්බුල්ලා සංවිධානය පවසා ඇත.

ඊශ්‍රායල හමුදා මෙහෙයුම්වලින් කලාපයට එල්ල වන අවදානම් පාලනය කිරීම සඳහා ඊජිප්තුව සහ සෞදි අරාබිය අඛණ්ඩ සම්බන්ධීකරණයෙන් කටයුතු කරනු ඇතැයි ඊජිප්තු විදේශ අමාත්‍ය Badr Abdelatty මහතා හා සෞදි අරාබි විදේශ අමාත්‍ය Faisal bin Farhan Al Saud මහතා ඊයේ (4) පැවති දුරකථන සංවාදයකදී ප්‍රකාශ කළහ.

ඊශ්‍රායලය පලස්තීනය නීතිවිරෝධී ලෙස අත්පත් කර ගැනීම අවසන් කිරීමෙන් පමණක්, වර්තමාන අර්බුදය මූලික වශයෙන් විසඳා ගත හැකි බව ඕමාන විදේශ අමාත්‍ය Badr bin Hamad Al Busaidi මහතා ඊයේ (4) ලිපියක සඳහන් කර ඇත.

මේ අතර, දකුණු කොරියාව, ජපානය, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, රුසියාව ඇතුළු රටවල් ලෙබනනයේ සිටින පුරවැසියන් ඉවත් කර ගනිමින් සිටින බව ද වාර්තා වෙයි.


ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම