ගතවූ වසර 75 තුළ ලෝකය යහපත් දිශානතියක් වෙනුවෙන් යොමු කළ චීනයේ මෙහෙවර
2024-10-05 16:16:31
Share with:

නව චීනය ස්ථාපිත කර ගතවූ වසර 75 තුළ, ස්වාධීනත්වයෙන් යුත් සාමකාමී රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තියේ රැඳී සිටිමින් සාමකාමී සහජීවනයේ පස්වැදෑරුම් මූලධර්මයේ එල්බ සිට සාමකාමී සංවර්ධනයක් සහිත  නවීකරණ ගමනක් චීනය අරඹා තිබේ.

ගෙවී ගිය කාලයේ චීනය ඉදිරිපත් කළ එම සාමකාමී සහජීවනයේ පස්වැදෑරුම් මූලධර්මය ජාත්‍යන්තර සබඳතා සඳහා වන මූලික රෙගුලාසිය හා ජාත්‍යන්තර නීති මූලධර්මය බවට පත්ව ඇත. ජාත්‍යන්තරයේ ප්‍රධාන ගැටළු නිරාකරණය කිරීම වෙනුවෙන් චීනය සක්‍රිය ලෙස පෙනී සිටීම ද විශේෂත්වයකි. සෞදි අරාබිය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා යළි ඇරඹීම, පලස්තීනය අභ්‍යන්තර ‍සාමය සඳහා පෙළඹවීම එරට ඉතිහාසයට ඇතුළත් වීම, යුක්රේන අර්බුදය දේශපාලන ක්‍රමය ඔස්සේ විසඳීම ඊට ඇතුළත් ය.  ලෝක සාමය ආරක්ෂා කරන්නෙකු වන චීනය අඛණ්ඩ ව ලෝක සාමය වෙනුවෙන් ඉදිරිපත් වන බව මෙමගින් මනාව සනාථ කෙරේ.‍

සාමය සහ සංවර්ධනය එකිනෙකට බැඳී පවතින්නකි. මේ යටතේ, ‍ගෝලීය සංවර්ධනයට දායකවන්නෙකු ලෙස චීනය සිය මෙහෙවර අඛණ්ඩ ව ඉටු කරමින් සිටී.

2021 වසරේ, චීනය ‍ගෝලීය සංවර්ධන මුලපිරුම ඉදිරිපත් කළේය. මේ වන විට, 100කට වැඩි රටවල් හා 20කට අධික ජාත්‍යන්තර සංවිධාන ඊට සහාය දක්වා ඇත. රටවල් 82ක් ‘ගෝලීය සංවර්ධන මුලපිරුමේ මිත්‍ර කණ්ඩායම’ට ඇතුළත්ව තිබේ. ජගත් ප්‍රජාව, සංවර්ධනය වෙත එක්ව ගමන් කිරීමේ ශක්තිය අඛණ්ඩ ව පුළුල් වී ඇති බව එමගින් පිළිබිඹු කෙරේ.

එසේ ම, නව චීනය ස්ථාපිත කිරීමෙන් පසු, ජාත්‍යන්තර පද්ධතියේ ආරක්ෂකයෙකු ලෙසට ද චීනය කැප ව සිටී. ලෝකයේ එකම පද්ධතියක් පමණක් තිබෙන බව චීනයේ ඒකායන සංකල්පයයි. එනම්, එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර පද්ධතියයි. එමෙන්ම එකම පටිපාටියක් හා එකම රෙගුලාසියක් පමණක් ලෝකය සතු ය. එනම්, ජාත්‍යන්තර නීතිය පදනම් කරගත් ජාත්‍යන්තර පටිපාටිය හා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මූලික කරගත් ජාත්‍යන්තර සබඳතා සඳහා වන මූලික රෙගුලාසිය බව ද චීනයේ ස්ථිර සංකල්පයයි.

අනාගතය දෙස බැලීමේදී චීනය සාමකාමී සංවර්ධනය කරා ගමන් කිරීමේ අධිෂ්ඨානය වෙනස් නොවේ. ඒ ඒ රටවල් සමග මිත්‍රශීලී සහයෝගිතා පැවැත්වීමේ අධිෂ්ඨානය හා ලෝකයේ පොදු සංවර්ධනය තහවුරු කිරීමේ අධිෂ්ඨානය ද කිසිදා ‍වෙනස් නොවනු ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම