පොලිස් මහජන සහන මැදිරිය යළිත් ඇරඹේ
2024-10-04 16:36:40
Share with:
පසුගිය කාලය තුළ අවලංගු කර තිබූ පොලිස් මහජන සහන මැදිරිය යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උපදෙස් ලබා දී ඇත. ඒ අනුව ඔක්තෝම්බර් 11 වන දින සිට යළි මහජන සහන දිනය ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
පොලිස් ස්ථාන හා විවිධ විමර්ශන අංශ මගින් තම පැමිණිලි සඳහා අපේක්ෂිත විසඳුම් ලබා ගැනීමට නොහැකිවූ පුද්ගලයන්ට මෙමගින් සහන සලසා ගත හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.