ඉරානයේ තෙල් පහසුකම් මධ්‍යස්ථානවලට ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ අවදානමක්
2024-10-04 16:52:49
Share with:
තෙල් පහසුකම් මධ්‍යස්ථාන ඇතුළු ඉරානයේ විවිධ ඉලක්කගත ප්‍රදේශ වෙත ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් පවතින බව ඇමරිකානු මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
පසුගිය 2 වැනිදා ඇමරිකාවේ මාධ්‍ය වාර්තාවලට අනුව, ඊශ්‍රායලය ඉරාන තෙල් පහසුකම් මධ්‍යස්ථාන යන උපායමාර්ගික ඉලක්කවලට දින කිහිපයක් ඇතුළත ප්‍රතිප්‍රහාර දියත් කිරීමට ඉඩ පවතී. මෙවැනි ස්ථාන වෙත ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලට සහාය ලබා දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව ඇමරිකාව සාකච්ඡා කරමින් සිටින බව එරට ජනාධිපති Joe Biden මහතා ඊයේ(03) ප්‍රකාශ කළේ ය.