එක්සත් ජාතීන්ගේ මහලේකම්ගෙන් ජනපතිට සුබ පැතුම්
2024-10-04 16:35:10
Share with:
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුබපැතුම් එක් කරයි. ජනාධිපතිවරයා ප්රමුඛ වත්මන් රජයේ වැඩපිළිවෙළ ද ජගත් මහලේකම්වරයා අගය කර ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්රී ලංකා සම්බන්ධීකාරක මාක් ඇන්ඩෘ ෆ්රාන්ක් මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී මේ බව ප්රකාශ කර තිබේ. එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතාගේ සදාචාරාත්මක දේශපාලන ක්රියාවලිය ද වංචා, දූෂණ සහ අක්රමිකතා මැඩපැවැත්වීම සඳහා වන රජයේ වැඩපිළිවෙළ ද මෙහිදී විශේෂ පැසසුමට ලක් කෙරිණ.