චීන තානාපතිවරයා හා ශ්රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
2024-10-03 15:14:36
Share with:
ශ්රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා හා ශ්රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඊයේ(2) පැවැත්විය. චීන-ශ්රී ලංකා සබඳතා ප්රවර්ධනය කිරීම, දෙරටේ ප්රායෝගික සහයෝගිතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙන්ම ශ්රී ලංකාවේ ණය ප්රතිව්යුහගත කිරීමේ ක්රියාවලියට සහාය ලබා දීම පිළිබඳව ද ඔවුහු මිත්රශීලිව සහ පුළුල් ලෙස අදහස් හුවමාරු කර තිබේ.