සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම් යළි සිදු නොවන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්
2024-10-03 15:39:32
Share with:

කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එමෙන්ම රාජ්‍ය නිලධාරීන්ට මෙතෙක් කල් පැවති සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම්වලට මින් ඉදිරියේදී මුහුණු දීමට සිදු නොවනු ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවාවක් ඇති කිරීම සඳහා ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට කටයුතු කරන බව පැවසූ ජනාධිපතිවරයා, ආර්ථිකය බිඳ වැටීම පිටුපස වංචාව දූෂණය තිබූ බවට ජනතාව විශ්වාස කරන බවත්, එය වැළැක්වීම සඳහා මෙවර තමන්ට ජනවරම හිමි වූ බවත් කියාසිටියේ ය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස අද(03) කෘෂිකර්ම අමාත්‍යංශයේදී වැඩ භාරගැනීමෙන් අනතුරුව අමාත්‍යාංශ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී මේ බව සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම