චීනයේ විද්‍යාත්මක හා තාක්‍ෂණික නවෝත්පාදනය ලෝකයට "නව" ජීවයක් ගෙන එයි
2024-10-03 14:00:56
Share with:

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වන සංවත්සරය මෙම වසරට යෙදී තිබේ. ගෙවී ගිය වසර 75 තුළ, විද්‍යාත්මක හා තාක්‍ෂණික නවෝත්පාදනය චීන මාදිලියේ නවීකරණයට වැදගත් බලයකි. එපමණක් නොව, ඉන් ගෝලීය විද්‍යා හා තාක්‍ෂණ මෙන්ම කාර්මික බුද්ධිමත් නිෂ්පාදන සංවර්ධනය ද ප්‍රවර්ධනය කෙරේ. එමගින් සමස්ත මානව ප්‍රගතියට ප්‍රායෝගික ශක්තියක් ලබාදී ඇත.

චීනය මෙවැනි සාර්ථකත්වයක් ළඟා කර ගත්තේ කෙසේද? යන්න විමසා බැලිය යුතු ය. රුසියානු විද්‍යා ඇකඩමියේ චීනය සහ නවීන ආසියාව පිළිබඳ ඒකකයේ අධ්‍යක්ෂවරයා ඊට පිළිතුරු දෙමින් පැවසුවේ, “චීනයේ සාර්ථකත්වය රඳා පවතිනුයේ දිගුකාලීන සැලසුම් සැකසීමේ හැකියාව මත පමණක් නොව, රජය සහ ජනතාව සතු නියමිත ඉලක්ක ක්‍රියාවට නංවාලීමේ ශක්තිය මත බවයි.  චීන මාදිලියේ නවීකරණය නිවැරදි මාවතක ක්‍රියාත්මක වෙමින් පවතින බව මෙවන් ජයග්‍රහණ මගින් පෙන්නුම් කරන බව හෙතෙම සඳහන් කර ඇත. 

ස්වශක්තියෙන් නැඟි එන චීනය, නවෝත්පාදනය සහ නිර්මාණශීලීත්වය කෙරෙහි අවධානය යොමු කරයි. වසර 75කට පෙර, දැඩි අසීරුතාවයකට පත් වූ චීන මහජන සමූහාණ්ඩුව, ඇමරිකාව ඇතුළු බටහිර රටවලින් පැනවූ විවිධ සතුරු ප්‍රතිපත්ති සහ තාක්‍ෂණික අවහිරතා මධ්‍යයේ, නවීන විද්‍යා තාක්‍ෂණය අවම මට්ටමක පැවතිණ. එහෙත් එවක නව චීනය විද්‍යාත්මක හා තාක්‍ෂණික සංවර්ධනය සඳහා උපායමාර්ගික වැඩපිළිවෙළ ස්ථාපිත කළේය. 1956 වසරේදී "විද්‍යාව වෙත ගමන් කිරීම" යන යෝජනාවේ සිට, 1988 වසරේදී "විද්‍යා තාක්‍ෂණය මූලික නිෂ්පාදන බලය" යන ප්‍රස්තුතය දක්වාත්, 1995 වසරේදී විද්‍යාව හා අධ්‍යාපනය තුළින් රට පුනර්ජීවනය කිරීමේ උපායමාර්ගය දක්වාත් ක්‍රියාත්මක විය. එමෙන්ම 2006 වසරේදී නවෝත්පාදනයෙන් රට ගොඩනැඟීමත්, චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික සම්මේලනයේ දී ඉදිරිපත් කළ නිර්මාණශීලීත්වයෙන් සංවර්ධනය ඉදිරියට ගෙන යාමේ උපායමාර්ගයේ සිට, පක්ෂයේ 20 වැනි ජාතික සම්මේලනය අවධාරණය කරන ලද නවෝත්පාදන නවීකරණයේ කෙන්ද්‍රීය ස්ථානය ලෙස තහවුරු කිරීම දක්වාත් වූ සෑම ඓතිහාසික පියවරකදීම නවෝත්පාදනය කෙරෙහි ප්‍රමුඛස්ථානයක් ලබා දී ඇත.

විද්‍යා හා තාක්ෂණය යන්න දේශ සීමා මායිම්වලින් තොර වූවකි. විද්‍යාත්මක හා තාක්‍ෂණික නවෝත්පාදනය විවෘත සහයෝගීතාවයෙන් වෙන් කළ නොහැකි බවට චීනය විශ්වාස කරයි. අනාගතයේ දී වැඩි වැඩියෙන් නවෝත්පාදන ජයග්‍රහණ අත්කර ගැනීමට අපේක්ෂා කරන චීනය, චීන මාදිලියේ නවීකරණය සඳහා වඩාත් බලවත් විද්‍යා තාක්‍ෂණ සහායක් ලබා දෙනු ඇති අතර, ලෝක විද්‍යා තාක්ෂණ නවෝත්පාදනය මෙන්ම සමස්ත මානව ප්‍රගතිය වෙනුවෙන් චීන ශක්තිය වැඩි වශයෙන් දායක කරනු ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම