නේපාලයේ අඛණ්ඩ වර්ෂාපතනයෙන් පුද්ගලයින් 233 දෙනෙක් ජීවිතක්ෂයට
2024-10-03 15:18:02
Share with:

සැප්තැම්බර් 26 වැනිදා සිට නේපාලයට අඛණ්ඩව ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ගංවතුර සහ නායයෑම් ආදී ස්වභාවික ආපදා තත්ත්වයන් මතුව ඇත .

සැප්තැම්බර් 27 වැනිදා සිට අද(03) උදෑසන දක්වා පුද්ගලයින් 233 දෙනෙකු මෙම ආපදා තත්ත්වය හේතුවෙන් මිය ගොස් ඇති අතර, තවත් පුද්ගලයින් 25 දෙනෙකු අතුරුදහන් වී ඇත. එමෙන්ම තවත් පුද්ගලයන් 159 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට පොලිසිය වාර්තා කරයි.

මේ අතර නේපාල රතු කුරුස සමාජයට ආධාර සපයන චීන රතු කුරුස සංගමයේ හදිසි ගංවතුර සහනාධාර ඊයේ(02) දිනයේ දී නේපාලයේ චීන තානාපති Chen Song මහතා විසින් නේපාලයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට භාර දෙන ලදි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම