පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පිළිබඳ මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
2024-10-03 15:40:16
Share with:
පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු අවසන් වූ වහාම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට දින නියම කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම කියාසිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවට අනුව ක්‍රියා කරන බවයි.
මේ අතර මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් 58ක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නාමයෝජනා භාර ගැනීම හෙට (04) ආරම්භ වේ. ඒ අනුව, ලබන 11 වැනිදා මධ්‍යහ්න 12 දක්වා නාම යෝජනා භාරදිය හැකි බව, මැතිවරණ කොමිසම සඳහන් කරයි.