ඉන්දීය විදේශ අමාත්‍යවරයා අනිද්දා දිවයිනට
2024-10-02 16:04:18
Share with:
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා අනිද්දා දිවයිනට පැමිණීමට නියමිතයි.
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ඉහළ පෙළේ සාකච්ඡා සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා ලබන සිකුරාදා මෙරටට පැමිණීමට නියමිතව තිබේ. එක් දින නිල සංචාරයක් වන මෙම සංචාරය අතරතුර ආචාර්ය ජයිශංකර් ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක හා ඉදිරි ඉන්දීය ව්‍යාපෘති මෙන්ම කලාපීය සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරයි.
සමුද්‍රීය ආරක්‍ෂාව හා ආර්ථික සහයෝගීතාව ඇතුළු උපායමාර්ගික වැදගත්කමක් ඇති කරුණු සම්බන්ධයෙන් ද එහිදී අවධානය යොමුවනු ඇත.