ජපානයේ නව අග්‍රාමාත්‍ය ධුරයට පත් Ishiba Shigeru මහතා වෙත චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබපැතුම් පිරිනමයි. එම සුබපැතුම් පණිවුඩය ඊයේ(01) යොමු කෙරිණ.
චීනය සහ ජපානය අසල්වැසි රටවල් බවත්, දෙරට සාමකාමී සහජීවනය, දිගුකාලීන මිත්‍රත්වය, අන්‍යෝන්‍ය වාසිදායක සහයෝගීතාව සහ පොදු සංවර්ධනය පිළිබඳ මාර්ගය අනුගමනය කිරීම, දෙරටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවට අනුකූල වන බව ජනාධිපති ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේ ය. ජපානය හා චීනය එකම ඉලක්ක සපුරා ගැනීම උදෙසා දෙරට අතර එළඹි දේශපාලන ලේඛන හතරේ මූලධර්ම හා එකඟතාවයන් අනුගමනය කළ යුතු බව හෙතෙම අවධාරණය කළේ ය. දෙරට අතර උපායමාර්ගික අන්‍යෝන්‍ය යහපත් සබඳතා අංගසම්පූර්ණයෙන්ම ඉදිරියට ගෙන යමින් නව යුගයේ අවශ්‍යතා සපුරාලන, සංවර්ධනාත්මක මෙන්ම ස්ථාවර චීන-ජපාන සබඳතාවක් ගොඩනැගීමට ජපානයේ කැපවීම අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
එදිනම චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා ද IshibaShigeru මහතා වෙත සුබ පැතුම් පිරිනැමීය. දෙරට ද්විපාර්ශ්වික සබඳතාවේ දේශපාලන පදනම ආරක්ෂා කර ගත යුතු බවත්, මිත්‍රත්වය, අන්‍යෝන්‍ය විශ්වාසය සහ සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බවත්, දෙරටේ ජනතාවට වඩා යහපත් ප්රතිලාභයන් ලබා දිය යුතු බවත් ඔහු පැවසීය.