කැනඩාවේ අනිසි වෙළඳ පියවරයන්‍ට චීනයේ විරෝධය
2024-10-02 14:52:20
Share with:

චීනයෙන් ආනයනය කෙරෙන විදුලි මෝටර් රථ කෙරෙහි කැනඩාව සියයට 100ක අතිරේක රේගු බදු පැනවීම ඊයේ(1) සිට නිල වශයෙන් ක්‍රියාත්මක කෙරිණ. එමෙන්ම එදින ම කැනඩාව චීනයෙන් ආනයනය කරන වානේ හා ඇලුමිනියම් නිෂ්පාදනයන් කෙරෙහි අතිරේක රේගු බදු පැනවීමේ අවසන් ‍ලැයිස්තුව ද ප්‍රකාශයට පත් ක‍ළේය.

ඒ සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශකයා අද(2) පැවසුවේ ගෙවී ගිය කාලය තුළ සත්‍යයෙන් තොරව ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ රෙගුලාසි නොතකා බහුපාර්ශ්ව විරෝධයද නොසලකා කැනඩාව ඇතැම් රටවල් සමග එක්ව චීනයට එරෙහි ඒකපාර්ශ්වික මර්දනය කිරීමේ පියවර ගනිමින් සිටින බවයි. කැනඩාවේ ක්‍රියාව, වෙළඳ ආර්ථිකය හා සාධාරණ තරඟකාරී මූලධර්මයට පටහැනි වන අතර චීනයේ හා කැනඩාවේ සමාගම් අතර සාමාන්‍ය ආර්ථික හා වෙළඳ සහයෝගිතාවන්ට ද බරපතල හානියකි. එමෙන්ම ඉන් චීන කැනඩා ආර්ථික හා වෙළඳ සබඳතාවට හානි සිදුවීම හා ගෝලීය නිෂ්පාදන දාමය හා සැපයුම් දාමයට බාධා එල්ලවීමක් ද  සිදුවෙයි. ඊට චීනය දැඩි ලෙස විරුද්ධය.

කැනඩාවේ ඒකපාර්ශ්වවාදී හා වෙළඳ ආරක්ෂණවාදී ක්‍රියාවන් පිළිබඳව චීනය ලෝක වෙළඳ සංවිධානය වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබේ. කැනඩාවේ අදාළ සීමා පියවර සම්බන්ධයෙන් වෙනස්ව සැලකීමට එරෙහි විමර්ශනය නීත්‍යනුකූලව ක්‍රියාත්මක කිරීමට චීනය පියවර ගෙන තිබේ. කැනඩාව ද්විපාර්ශ්වික ආර්ථික හා ‍වෙළඳ සහයෝගිතාව විෂය මූලික ලෙස සලකමින් ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසි අනුගමණය කරමින් වැරදි මාර්ගයේ අඛණ්ඩව ගමන් නොකළ යුතු බව චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශකයා පැවසීය. චීන සමාගම්වල සාධාරණ අයිතීන් රැක ගැනීම වෙනුවෙන් චීනය සියළු අවශ්‍ය පියවර ගනු ඇතැයි ද හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20241012සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම