චීන රුසියා රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 75වන සංවත්සරය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා අද(2) සුබ පැතුම් හුවමාරු කර ගත්හ.
චීනය හා රුසියාව එකිනෙකාගේ විශාලතම අසල්වැසි රට වන අතර දෙරට, බලවත් මෙන්ම නැගී එන වෙළඳපොල සහිත ප්‍රධාන රටවල් බව ෂී ජින්පිං මහතා එම සුබ පැතුම් පණිවුඩයෙන් සඳහන් කරයි. ගෙවී ගිය වසර 75 තුළ දෙරටේ හා ජනතාවගේ මූලික ප්රතිලාභ පදනම් කර ගෙන චීන රුසියා සබඳතාව අඛණ්ඩව වැඩිදියුණු කිරීම ප්‍රවර්ධනය කරමින් සදාකාලීන අසල්වැසී මිත්රශීලීත්වය, අංගසම්පූර්ණ උපායමාර්ගික සහයෝගිතාව, අන්‍යෝන්‍ය වාසි සහගත සහයෝගිතා හා පොදු ජයග්‍රහණය, දෙරට සබඳතාවේ හරය බවට පත්ව ඇත. ව්ලැඩ්මීර් පුටින් මහතා සමග පොදු උපායමාර්ගික නායකත්වය යටතේ දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය අඛණ්ඩව ගැඹුරු කර කැපී පෙනෙන ප්‍රායෝගික සහයෝගිත ප්‍රතිඵල ලබා ගනිමින් දෙරටේ ජනතාවගේ සුබසෙත හා සාධාරණ මෙන්ම ක්රමානුකූල ලෝක බහු ධ්රවකරණය හා පොදු වාසි මෙන්ම වෙනස්කම් පිළිගැනීම සහිත ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කිරීමට වැදගත් දායකත්වයන් දරා ඇති බව ෂී ජින්පිං මහතා කීය.
දෙරටේ සබඳතා වර්ධනය ඉහළින් අගය කරන ෂී ජින්පිං මහතා අවධාරණය කළේ ව්ලැඩ්මීර් පුටින් මහතා සමග දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 75 වැනි සංවත්සරය මත ද්විපාර්ශ්වික සබඳතාව ප්‍රවර්ධනය කරමින් සම්පූර්ණ ප්‍රායෝගික සහයෝගිතා පුළුල් කිරීමට කැමැත්තෙන් සිටින බවයි. අධි ගුණාත්මක භාවයෙන් යුතු දෙරටේ වර්ධනය හා නවීකරණය ඒකාබද්ධව ප්‍රවර්ධනය කරමින් ලෝක සාමය හා ස්ථාවරත්වය රැකගැනීම, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට නව දායකත්වයන් දැරීමට උත්සාහ දරන බව ද ෂී ජින්පිං මහතා කියා සිටී.
චීන රුසියා රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 75වැනි සංවත්සරය වෙනුවෙන් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා සිය හෘදයාංගම සුබ පැතුම් පිරිනැමීය. රුසියාව, වසර 75කට පෙර චීන මහජන සමූහාණ්ඩුව පිළිගැනීම මෙන්ම නව චීනය සමග වේගවත්ව සමීප සහයෝගිතා සබඳතාව ස්ථාපිත කළ ප්‍රථම රටක් බව ව්ලැඩ්මීර් පුටින් මහතා සඳහන් කළේය. වර්තමානයේ රුසියා චීන සබඳතාව ඉතිහාසයේ ඉහළ ම මට්ටමේ පවතී. දේශපාලන, ආර්ථික හා වෙළඳ, විද්‍යා තාක්ෂණ යනාදී විවිධ ක්ෂේත්රවල සක්‍රීය ලෙස සහයෝගිතා පවත්වමින් ජාත්‍යන්තර හා කලාපීය කටයුතුවලදී දෙරට කාර්යක්ෂම ලෙස සහයෝගිතා පවත්වා ගනිමින් සාධාරණ බහු බහුධ්‍රැවීය ලෝකය ස්ථාපිත කිරීමට ඒකාබද්ධව කැප විය යුතුය. ෂී ජින්පිං මහතා සමග පැමිණ ඇති එකඟතාවන් සම්පූර්ණයෙන්ම ක්‍රියාවට නංවමින් නව යුගයේ පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරී සබඳතාව තවදුරටත් තහවුරු කරමින් යුරෝපා ආසියා මහා භූමිප්‍රදේශය හා ගෝලීය ආරක්ෂාව හා ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමට දෙපාර්ශ්වය ක්‍රියා කරනු ඇතැයි ව්ලැඩ්මීර් පුටින් මහතා විශ්වාසය පළ කළේය.