චීන ව්‍යවසායන් “එක් තීර්යක් එක් මාවතක්” ඒකාබද්ධ සංවර්ධන රටවල්වල සිදු කළ සෘජු ආයෝජන වටිනාකම ඇ. ඩො. බිලියන 330 ඉක්මවයි
2024-10-02 16:01:35
Share with:

2023 වසර අවසානය වන විට, චීන ව්‍යවසායන් “එක් තීර්යක් එක් මාවතක්” ඒකාබද්ධව ඉදි කිරීමේ රටවල්වල ව්‍යවසායන් දාහත් දහසක් ස්ථාපිත කර ඇති අතර සිදු කර ඇති සෘජු ආයෝජනයන්හි සමස්ත වටිනාකම ඇමරිකා ඩොලර් බිලියන 330 ඉක්මවා ඇති බව චීන වාණිජ අමාත්‍යාංශය අද(02) හෙළි කළේය.

2023 වසරේදී, “එක් තීර්යක් එක් මාවතක්” සහයෝගිතා යෝජනාවට අදාළ රටවල්වල චීන ව්‍යවසායන් සිදු කර ඇති සෘජු ආයෝජනය ඩොලර් බිලියන 40.71කට ළඟා වී ඇති අතර එය පෙර වසරට වඩා 31.5% ක  වර්ධනයකි.

එහි ප්‍රධාන වශයෙන් නිෂ්පාදන, ඉදිකිරීම්, ‍තොග හා සිල්ලර වෙළඳාම සහ විදුලිය යන ක්ෂේත්‍රවල චීන ව්‍යවසායන් විසින් එම ආයෝජන සිදුකර ඇත. විදේශ ආර්ථික සහ වෙළඳ සහයෝගීතා කලාප සංඛ්‍යාවක් ද ස්ථාපිත කර ඇත. 2023 වසර අග වන විට, එම කලාපවල චීන ව්‍යවසායන් සිදු කර ඇති සමස්ත ආයෝජන වටිනාකම ඇමරිකා ඩොලර් බිලියන 73කට ළඟා වී රැකියා අවස්ථා 530,000ක් නිර්මාණය කර ඇත.

ගුවන් විදුලිය
20241012සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම