උත්සන්න වෙමින් පවතින ලෙබනනය හා ඊශ්‍රායලය අතරත් ඉරානය හා ඊශ්‍රායලය අතරත් තත්ත්වය සම්බන්ධයෙන් චීනය අදහස් දක්වයි
2024-10-02 18:50:48
Share with:

ඊයේ(1) ඊශ්‍රායලය දකුණු ලෙබනනය ඉලක්ක කර ගෙන ගොඩබිම් යුධ මෙහෙයුම් දියත් කළ අතර අද(2) අලුයම ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කර තිබේ. ඒ සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට චීන විදේශ අමාත්‍යශ ප්‍රකාශකයා පිළිතුරු දුන්නේය.

මැද පෙරදිග කැලඹීම ගැන ගැඹුරින් සැලකිල්ල දක්වන චීනය, ලෙබනනයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීමටත් ප්‍රතිවිරෝධතා තීව්‍ර කරමින් ගැටුම් පුළුල් කිරීමටත් විරුද්ධ වෙයි. එහි තත්ත්වය උත්සන්න වීම වැළක්වීම සඳහා ඵලදායී කාර්යභාරයක් ඉටු කරන ලෙස චීනය ජගත් ප්‍රජාවෙන්, විශේෂයෙන් බලපෑම් සහගත රටවලින් ඉල්ලා සිටී. ගාසා තීරයේ සටන් විරාමයක් ඉටු කර ගැනීමට නොහැකි වීම මැදපෙරදිග  සිදු වන මෙම කැලඹීමට මුලික හේතුව බව චීනය සඳහන් කරයි. ගාසාහී අංගසම්පූර්ණ මෙන්ම දිගුකාලීන සටන් විරාමයක් අත්පත් කර ගැනීමට විවිධ පාර්ශ්වයන් කැප විය යුතු බව චීනය අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20241012සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම