දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම රජය භාරගන්නා බව අගමැතිනිය පවසයි
2024-10-02 15:39:26
Share with:

 දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම භාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.

රජයක් ලෙස ඊට අවශ්‍ය මැදිහත් වීම සිදුකරන බව ද ඇය කියා සිටී.

දරුවන්ට සුරක්ෂිත රටක් බිහි කිරීම වෙනුවෙන් අවශ්‍ය මැදිහත් වීම රජය විසින් සිදු කරනු ඇතැයි ද ඇය සඳහන් කළේ ලෝක ළමා දිනය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධාන කළ ’මග හැරුණු පාඩම’නමින් ඊයේ (01) කැලණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයේ දී පැවති උත්සවයේ දීය.

විශේෂයෙන් දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමය, වැඩිහිටියන්ගේ ආර්ථිකය වැනි බොහෝ කරුණු වත්මන් තත්ත්වයන්ට බලපා ඇත. දරුවන් තුළ තිබෙන මානුෂීය ගුණාංග වර්ධනය වීමට ඇති බාධාවන් ඉවත් කර සතුටින් ජීවත් වීමට ලෝකයක් සෑදීම වගකීම යැයිද ඇය පැවසුවාය.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම