පොහොර සහනාධාරය අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව ගත් තීරණයට එකඟව කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශකයා පවසයි
2024-10-02 16:41:50
Share with:

රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව ගත් තීරණයට එකඟව කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා කියයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී හෙතෙම මේ බව සඳහන් කළේය.

වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට ලබාදෙන රුපියල් 15,000ක පොහොර සහනාධාරය එළඹෙන මහ කන්නයේදී රුපියල් 25,000ක් දක්වා ඉහළ දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සැප්තැම්බර් 26 වනදා පියවර ගත්තේය.

කෙසේවෙතත් මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති මොහොතක අදාළ සහනාධාර ලබාදීම හරහා එක් පාර්ශ්වයකට වාසි සහගතවිය හැකි බැවින් මෙම සහනාධාර ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් පියවර ගනු ලැබීය.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම