චීන මාදිළියේ නවීකරණය ලෝකයට නව අවස්ථා ගෙන එයි
2024-10-02 13:18:54
Share with:

නව චීනය පිහිටුවීමේ 75 වැනි සංවත්සරය සමරන මොහොතේ, "චීනය පෙර නොවූ විරූ ආකාරයෙන් නවීකරණ මාවතට අවතීර්ණ වී ඇති" බව ජාත්‍යන්තර ප්‍රජාව සඳහන් කරයි. ගෙවී ගිය වසර 75 තුළ, එදා දිළිඳුකමෙන් මිදී නැඟෙනහිර විශාල රටක් වන චීනය, "යුගයේ අතපසු වීමේ" සිට "යුගයේ ප්‍රවේශ වීම" දක්වාත් "යුගයේ මගපෙන්වීම" දක්වාත් පැමිණ, වේගවත් ආර්ථික සංවර්ධනය සහ දිගුකාලීන සමාජ ස්ථාවරත්වය යන ආශ්චර්යයන් දෙක නිර්මාණය කර ඇත. එය ලොව පුදුම කරවන්නකි.

චීන මාදිළියේ නවීකරණය ප්‍රවර්ධනය කරන්නේ කෙසේද? යන පැනයට පිළිතුරු දෙමින් සැප්තැම්බර් 30 වැනිදා, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් පැවති සැමරුම් උත්සවයේදී මේ බව ප්‍රකාශ කළේය.

“චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයට අනුගත විය යුතුයි” “චීන ලක්ෂණ සහිත සමාජවාදී මාවතට අනුගත විය යුතුයි” “ජනතාව කේන්ද්‍ර කරගත් ප්‍රවේශයට අනුගත විය යුතුයි” එමෙන්ම “සාමකාමී සංවර්ධන මාවතට අනුගත විය යුතුයි” යන්න හෙතෙම අවධාරණය කර ඇත. එය, ලැබූ අත්දැකීම් හී සාරාංශයක් පමණක් නොව අනාගත සංවර්ධනය සඳහා මාර්ගෝපදේශයක් ද වේ.

වර්තමානයේ, සියවසක පරිවර්තනය වේගවත් වෙමින් පවතින අතර භූගෝලීය දේශපාලනික තත්ත්වය දරුණු වෙමින් ලෝක ආර්ථික ප්‍රකෘතියේ දුර්වල බවක් දක්නට ඇත. ඒ අතරම, තාක්ෂණික විප්ලවයේ නව වටයක් මෙන්ම කාර්මික පරිවර්තනයක් මගින් සංවර්ධන අවස්ථා ද අලුතින් ගෙන එයි. අතීත සාර්ථක අත්දැකීම් මත පදනම්ව, අනාගතයේ දී චීන මාදිළියේ නවීකරණය ඉදිරියට ගෙන යාමෙන් ලෝකයටත් වැඩි අවස්ථා ගෙන ඒමේ ඉඩකඩ පවතී.

අවස්ථාව, මුලින්ම හඳුන්වා දිය හැක්කේ "සාමය" යන සංකල්පයෙනි. චීන මාදිළියේ නවීකරණය යනු සාමකාමී සංවර්ධන මාවතකි. අනාගතයේදී, "සාමය, සංවර්ධනය, සහයෝගිතාව සහ පොදු ජයග්‍රහණ යන ධජය නොකඩවාම ඉහළට ඔසවාගෙන සිටින චීනය, ලෝක සාමය සහ සන්සුන් බව ආරක්ෂා කර ගනිමින් මානව පොදු ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීමට කැප වනු ඇත.

අවස්ථාව, තවදුරටත් හඳුන්වා දිය හැක්කේ චීන මාදිළියේ නවීකරණය සියලු රටවල පොදු සංවර්ධනය සඳහාවූ ඵලදායී පෙළඹවීමක් ලෙසටයි. බොහෝ රටවල් අතර අන්‍යෝන්‍ය වීසා නිදහස් ප්‍රතිපත්තියේ සිට, "එක් තීරයක් එක් මාවතක්" ඉහළ ගුණත්මකභාවයෙන් ඒකාබද්ධ ප්‍රවර්ධනය කිරීම දක්වාත්, "ගෝලීය දකුණ" සහයෝගීතා පියවර අටක් ක්‍රියාත්මක කිරීම දක්වාත්, චීන මාදිළියේ නවීකරණය ඉදිරියට ගෙන යාමෙන් වැඩි රටවල් සංඛ්‍යාවක් වෙනුවෙන් පොදු ජයග්‍රාහී අවස්ථා නිර්මාණ කළ හැකි වනු ඇතැයි සඳහන් කෙරේ.

චීන මාදිළියේ නවීකරණ සංවර්ධනය, විදේශ රටක ආකෘතියක් අනුකරණය නොකර, චීන භූමිය පදනම් වන මාදිළියකි. එබැවින් චීන අනන්‍යතා සහිත නවීකරණ මාවත, සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා නවීකරණ මාර්ග පුළුල් කරමින් තමන්ට ගැලපෙන නවීකරණ මාවතක් ස්වාධීන ආකාරයෙන් බිහි කර ගැනීමේ විශ්වාසය වැඩි කරමින් මානව ශිෂ්ටාචාරය වෙනුවෙන් නවමු ප්‍රවේශයක් නිර්මාණය කර ඇත.

ගුවන් විදුලිය
20241012සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම