පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීමට කමිටුවක්
2024-10-01 16:16:33
Share with:

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම පිළිබඳව කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි.

කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ, දැනට පවතින අණපනත් අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට මෙම කමිටුව පත් කළ බවයි. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා කමිටුවේ සභාපතිවරයා ලෙස ක්‍රියා කරයි. විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ඩී. දිසානායක මහතා සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් ජයන්තා බුළුමුල්ල මහත්මිය එහි සෙසු සාමාජිකයන්ය. එම කමිටුව සකස් කරන වාර්තාව කැබිනට් මණ්ඩලයට යොමු කර ඒ අනුව ඉදිරි තීරණ ගන්නා බව කැබිනට් ප්‍රකා‍ශක අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටී.

ගුවන් විදුලිය
20241012සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම