චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75වන සංවත්සරය වෙනුවෙන් ලෝක නායකයන් ගෙන් සුභපැතම්
2024-10-01 15:21:23
Share with:

චීනය සමග සහයෝගතා පුළුල් කිරීමට ලෝක‍ නායක‍යෝ අපේක්ෂා කරති. චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75වන සංවත්සරය වෙනුවෙන් සුභපැතම් පිරිනමන ඔවුහූ චීනය සමග මිත්‍ර සහයෝගතා පුළුල් කරමින් ගෝලීය තිරසර සංවර්ධනයට ඒකාබද්ධව දායකවීමට  බලාපොරොත්තු පළ කරති. ගෙවුනූ 75 වසර පුරාවට චීනය අත්කර ගත් කැපී පෙනෙන සංවර්ධනය වෙනුවෙන් සර්බියා ජනාධිපති ඇලෙක්සැන්ඩර් වූසික් මහතා සිය සුබ පැතුම් පිරිනැමීය. එම ජයග්‍රහන සම්බන්ධයෙන් හෘදයාංගමව සතුටු වන සර්බියාව චීනයේ සංවර්ධන අභිලාෂයන් පිළිබඳ විශ්වාසයෙන් පසුවන බව කියා සිටී.

චීනය ජාත්‍යන්තර කටයුතු ස්ථායිකරණ බලවේගය යැයි පාකිස්ථාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි මහතා කියා සිටී. චීනය ගෝලීය වර්ධනයේ වැදගත් බලවේගයකි. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීන ජනතාව ජාතික ස්වාධීනත්වය අත්කර ගෙන ඇතැයි ද සර්දාරි මහතා කියා සිටී.

චීනය අත්කර ගත් ආර්ථික, යටිතල පහසුකම්, තාක්ෂණ සහ කර්මාන්ත අංශවල ජයග්‍රහන ලෝක අවධානය දිනා ගෙන ඇති බව සයිප්‍රස් ජනාධිපති නිකොස් ක්‍රිස්ටොඩොයුලිඩස් මහතා සඳහන් කරයි. චීනය සමග සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට අපේක්ෂාවෙන් සිටින බව මෝල්ටෝවා ජනාධිපති මයිරම් ස්පෙටෙරි මහතා පවසයි. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කළ දා සිට ශක්තිමත් ද්වීපාර්ශ්වික සබඳතාවක් පවත්වා ගෙන යාමට හැකිවූ බවද හෙතෙම සඳහන් කරයි.

දෙරට අතර නොබි‍ඳෙන මිත්‍රත්වය සිහිපත් කරන පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් මහතා දෙරට සිය කේන්ද්‍රීය කරුණු සම්බන්ධයෙන් ශක්තිමත් ස‍හයෝගීත්වයකින් යුතුව ක්‍රියා කරන බව සඳහන් කරයි.

කිර්ගිස්ථාන අග්‍රාමාත්‍ය අකිල්බෙක් ජැප්රොව් මහතා පෙන්වා දෙන්නේ චීනය නවීකරණ මාවතේ සාර්ථකව පැමිණ ඇති බවයි. එක් තීරයක් එක් මාවතක් මුල පිරුම තුළින් වඩාත් වැඩි රටවල් එකමුතු වී ඇතැයි ද හෙතෙම කියා සිටී.

චීනයේ දිළිඳු බව පිටු දැකීමේ අත්දැකීම් තුළින් ගෝලීය දකු‍ණේ රටවලට වටිනා පාඩම් ඉගෙන ගත හැකි බව බහමා රාජ්‍යයේ අගමැති පිලිප් එඩ්වර්ඩ් මහතා කියා සිටී.

 

ගුවන් විදුලිය
20241012සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම