ඊශ්‍රායල හමුදාව ලෙබනනයට ගොඩබිම් ප්‍රහාර එල්ල කරයි
2024-10-01 15:16:45
Share with:

ඊශ්‍රායල හමුදාව අද(01) ලෙබනනයට ඇතුළු විය. වසර 18කට පසු ඊශ්‍රායල හමුදාව නැවත වරක් ලෙබනනයේ ගොඩබිම් මෙහෙයුම් දියත් කරමින් හිස්බුල්ලා හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළේ ය. ඊශ්‍රායල හමුදා මෙහෙයුම ආරම්භ වීමට පෙර, වීඩියෝ ප්‍රකාශයක් සිදු කළ හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය මහලේකම් Naim Qassem මහතා ඊශ්‍රායලයට එරෙහි වෙමින් ලෙබනනය තරයේ ආරක්ෂා කරන බවත්, දිගුකාලීන යුද්ධයකට සූදානම් වන ඇති බවටත් සහතික විය.

පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා පලස්තීන-ඊශ්‍රායල ගැටුමේ නව වටයක් ආරම්භ වීමෙන් පසු, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය විසින් උතුරු ඊශ්‍රායලයට වරින් වර ප්‍රහාර එල්ල කරන ලදි. ඊට ප්‍රතිප්‍රහාර ලෙස ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර සහ ෂෙල් ප්‍රහාර එල්ල කළේය. පසුගිය සැප්තැම්බර් 17 වැනිදා ලෙබනනයේ සන්නිවේදන උපකරණ පිපිරීමෙන් පසු ලෙබනනය සහ ඊශ්‍රායලය අතර ගැටුම වේගවත්ව උත්සන්න වී ඇත. ලෙබනනයේ Beirut අගනුවර දකුණු ප්‍රදේශය ඇතුළු ප්‍රදේශවලට ඊශ්‍රායලය දැඩි ගුවන් ප්‍රහාර එල්ල කළ අතර සැප්තැම්බර් 27 වැනිදා ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ නායක Hassan Nasrallah ජීවිතක්ෂයට පත්විය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම