චීන සංවර්ධනය වෙනුවෙන් සිය දායකත්වය ලබා දුන් විදේශ විශේෂඥයෝ සිය දෙනෙක් චීන රජයේ මිත්රත්ව සම්මානයෙන් පිදුම් ලබති. චීන රාජ්ය මණ්ඩල සාමාජිකා ෂෙන් යිචින් මහත්මිය විසින් එම සම්මාන පිරිනමන ලදි. විදේශ විශේෂඥයන්ට චීනයේ සේවය කිරීම සහ ජීවත්වීමට වඩාත් පුළුල් අවකාශයක් හා පහසුකම් සලසන බවටද ඇය එහිදී සහතික වූවාය. චීනයේ නවීකරණ ගමනට විදේශ විශේෂඥයන් ලබා දුන් කැපී පෙනෙන දායකත්වය චීන ජනතාවගේ මතකයේ සැමවිටම රැඳී පවතින බවද ෂෙන් යිචින් මහත්මිය කියා සිටී. චීනය සිය නවීකරණය පුළුල් කරමින් ලොව පුරා සිටින නිපුණතා පුද්ගලයන් ආකර්ශණය කර ගනු ඇත. චීනය ප්රතිසංස්කරණ තවදුරටත් පුළුල් කරන අතරම විදේශ නිපුණතා සහිත පුද්ගලයන් බඳවා ගැනීමේ යාන්ත්රණයන් වර්ධනය කරන බවද චීන රාජ්ය මණ්ඩල සාමාජිකා ෂෙන් යිචින් මහත්මිය පැවසුවාය.