නව චීනය ස්ථාපිත කිරීමේ 75 වන සංවත්සරයට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් සුබ පැතුම්
2024-10-01 09:34:05
Share with:

ගෙවී ගිය වසර 75 ක කාලය තුළ චීනය ඉතා වේගයෙන් සංවර්ධනය කරා ළඟා විය. මෙලෙස ශක්තිමත් සංවර්ධනයක් චීනය සාක්ෂාත් කර ගැනීමේ ප්‍රමුඛ හේතුවක් වූයේ චීන කොමියුනිස්ට් පක්ෂය ලබා දුන් නායකත්වයයි. වර්තමානයේ එම සංවර්ධන වැඩපිළිවෙළ චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ නායකත්වය සහ දේශපාලන දැක්ම මත සාර්ථකව ඉදිරියට ක්‍රියාත්මක වෙමින් පවතී. අනාගතයේ තවදුරටත් ජයග්‍රාහී පියවර ඔස්සේ ගමන් කිරීමට චීනයට හැකියාව ලැබෙනු ඇත. ශ්‍රී ලංකාවාසී සියලු දෙනා වෙනුවෙන් චීන ජනාධිපතිවරයා සහ චීන රජයටත්, සමස්ත චීන ජනතාවටත් චීන මහජන සමූහාණ්ඩුවේ 75 වන සංවත්සරය වෙනුවෙන් සුභාශිංසන පිරිනමන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සිය සුබ පැතුම් පණිවුඩයෙන් පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20241012සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම