චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 75 වන අභිමානවත් සංවත්සරය ඔක්තොම්බර් මස පළමු වන දින සමරනු ලබයි. ඒ වෙනුවෙන් චීන ජනාධිපතිවරයා ප්රමුඛ රජයටත්, සමස්ත චීන ජනතාවටත් හෘදයාංගම සුබ පැතුම් පිරිනමන බව ජාතික ජන බලවේගය පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. චීනය සිය සංවර්ධන මාවත තමන්ගේම අනන්‍යතාවක් සහිතව නිර්මාණය කර ගෙන ඇත. එමෙන්ම වර්තමානයේ චීන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ගෙන යන නව වැඩපිළිවෙළ ලෝකයටම ආදර්ශයක් බවත්, ශ්‍රී ලංකාව ඉදිරියටත් චීනය සමග ශක්තිමත් මිත්‍රත්වයකින් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.