චීන මහජන සමූහාණ්ඩුවේ එක්සත් ජාතීන්ගේ නියෝජනය තුළ “අපහැදිලි අවකාශයක්” හෝ “ව්‍යාකූලත්වයට අවස්ථාවක්’’ නොමැති බව චීන විදේශ ඇමති වන්ග් යී මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ 79වන මහා මණ්ඩල සැසිවාරය අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
තායිවානය චීන දේශභූමියෙන් වෙන් කළ නොහැකි කොටසකි. එය ඓතිහාසික මෙන්ම යථාර්තය ද වෙයි.කයිරෝ සහ පෝස්ට් ඩෑම් ප්‍රකාශනයේ ජපානය විසින් චීනයෙන් සොරා ගත් භූමි ප්‍රදේශ දක්වා ඇත. තායිවාන හා පෙන්ග්හූ දූපත් ද ඊට අයත් වූ අතර යළි ඒවා චීනයට පවරා දී තිබේ.මෙය පශ්චාත් ලෝක යුධ සමයේ ජාත්‍යන්තර පටිපාටියේ වැදගත් කරුණක් බවද චීන විදේශ ඇමතිවරයා අවධාරණය කළේය.
53 වසරකට පෙර එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 26 වන සැසිවාරයේදී අතිශය බහුතරයකින් 2758වන යෝජනාව සම්මත වූ අතර ඉන් එක්සත් ජාතීන් තුළ චීනයේ හිමිකම් යළි ප්‍රතිශ්ඨාපනය කෙරිණ. චීන මහජන සමූහාණ්ඩු රජය එක්සත් ජාතීන් තුළ චීනය නියෝජනය කරන එකම නියෝජිතයා ලෙසට ඉන් පිළිගැනුණු බවද චීන විදේශ ඇමතිවරයා සඳහන් කළේ ය. තායිවානය එක්සත් ජාතීන් සහ ඊට අදාළ සියළු කටුයතුවල නියෝජනත්වයෙන් ඉවත් කිරීමද ඉන් සිදුවිය. එම යෝජනාවට අනුව “ චීන දෙකක් ” නොමැති බව පැහැදිලිව දැක්විණ. පූර්ණ එක්සත්කරණය ළඟා කර ගනු ඇති බවද චීන විදේශ ඇමතිවරයා පැවසීය. මෙය කිසිවෙකුට හෝ නතර කළ නොහැකි ඓතිහාසික ප්‍රවණතාවක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.