මෙම වසරට චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 75වැනි සංවත්සරය යෙදී තිබේ. ගෙවී ගිය වසර 75 තුළ චීන ආර්ථිකය වේගවත් වර්ධනයක් සාක්ෂාත් කර ගත් අතර චීනය මෙන්ම සමස්ත ලෝකය අන්‍යෝන්‍ය ප්‍රතිලාභ හා ජයග්‍රාහී ප්‍රතිඵල ද අත්කර ගැනීම විශේෂත්වයකි. ඉතා දිළිඳු රටක තත්ත්වයේ සිට ලෝකයේ දෙවැනි ප්‍රධානතම ආර්ථික බලවතා හා පළමු දැවැන්තම නිෂ්පාදන බලවතා බවට පත් වූ චීනය, ගෝලීය ආර්ථික වර්ධනයේ වැදගත් එන්ජිමක් බවට පත්ව ඇත.
විශේෂයෙන්ම පසුගිය දශකයකට වැඩි කාලය තුළ ලෝක ආර්ථික වර්ධනය සඳහා චීනයේ දායකත්වය 30% ඉක්මවිය. එමෙන්ම චීනය නිරපේක්ෂ දරිද්‍රතාවයෙන් මිදී සුවපහසු සමාජයක් සම්පූර්ණයෙන් ගොඩනගා තිබේ. එය ගෝලීය දරිද්‍රතාවය අවම කිරීමේ ක්‍රියාවලියට දැවැන්ත ශක්තියක් එක් කර ඇත.
‘ගෙවුණු වසර 75 තුළ චීනය සහ සමස්ත ලෝකය අන්‍යෝන්‍ය ප්‍රතිලාභ හා ජයග්‍රාහී ප්‍රතිඵල අත්කර ගත්තේ කෙසේද?’ යන්න විමසා බැලිය යුතු ය.
චීනය සෑම විටම මානව සංවර්ධනයට සිය සංවර්ධනය ඒකාබද්ධ කරමින් ලෝකය සමග එක්ව පොදු සංවර්ධනය ළඟා කර ගෙන ගෝලීය පාලන පද්ධතිය වඩාත් සාධාරණ හා යුක්ති සහගත දිශාවකට ප්‍රවර්ධනය කර ඇත.
එමෙන්ම චීනය ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය තුළින් චීන මාදිලියේ සංවර්ධනයක් අත්කරගෙන ඇති අතර, එමගින් ගෝලීය සමෘද්ධිය හා ස්ථාවරත්වය වැඩි දියුණු කර ඇත. එසේම චීනය ගෝලීය පාලනයට සක්‍රිය ලෙස සහභාගී වෙමින් විවෘත ගෝලීය ආර්ථිකයක් ගොඩනැගීම උදෙසා දායකත්වය දී තිබේ.
ලෝකයෙන් වියුක්තව චීනයට සංවර්ධනය ළඟා කර ගත නොහැකි අතර චීනය නොමැතිව ලෝකයට ද සංවර්ධනය විය නොහැක. විවෘතභාවය අඛණ්ඩව පුළුල් කරන චීනය සෑම මොහොතකම නව වෙනස්කම්වලට භාජනය වෙමින් ලෝකයට නව අවස්ථා උදා කර දී ඇත.