චීන මහජන වීරයන්ට උපහාර දැක්වීමේ උත්සවයට චීන ජනාධිපති ෂී ජින් පිං ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂ හා රජයේ නායකයෝ එක් වෙති.
එම උත්සවය අද (30) පෙරවරුවේ බෙයිජිං අගනුවර පිහිටි Tian’anmen චතුරශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. ජනාධිපති ෂී ජින් පිං මහතා ඇතුළු කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෝ ඊට එක් වූහ. චීනයේ විවිධ ක්ෂේත්රවල නියෝජිතයෝ සහ පාසැල් ළමා නියෝජිතයෝ ද එම අවස්ථාවට සහභාගි වූහ.
Tian’anmen චතුරශ්‍රයේදී ජාතික ගීය ගායනා කිරීමෙන් පසු සියලු දෙනා හිස නමා මහජන විරු ස්මාරකය දෙසට ආචාර කළහ. ප්‍රධානම රාජ්‍ය ආයතන, විවිධ දේශපාලන පක්ෂ සහ මහජන කණ්ඩායම්වල නියෝජිතයන්, විශ්‍රාමික හමුදා නිලධාරීන් හා භටයන්, දිවි පිදූවන්ගේ ඥාතීන් ඇතුළු පිරිස මහජන වීරයන් අනුස්මරණය වෙනුවෙන් විශාල මල් පැස 9ක් සූදානම් කර තිබිණ. චීන සොල්දාදුවන් විසින් එම මල් පැස මහජන විරු ස්මාරකය වෙත රැගෙන යාමෙන් අනතුරුව ෂී ජින් පිං ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නායකයෝ ස්මාරකයට අසලට ගොස් රට හා ජනතාව වෙනුවෙන් දිවි පිදූ වීරයන්ට උපහාර දැක්වූහ. ඉන් පසු එහි සිටි විවිධ ක්ෂේත්රවල නියෝජිතයන් හා ළමුන් ස්මාරකය ළඟට ගොස් පුෂ්පෝපහාර දක්වා ඇත.