පෘතුගාලය, ග්‍රීසිය, සයිප්‍රසය හා ස්ලෝවැකියා වැසියන්ට චීනයෙන් නිදහස් වීසා
2024-09-30 19:30:38
Share with:
පෘතුගාලය, ග්‍රීසිය, සයිප්‍රසය හා ස්ලෝවැකියාව ඇතුළු රටවල් 4රේ සාමාන්‍ය ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් වෙත වීසා නිදහස් ප්‍රතිපත්තිය අත්හදා බැලීමක් වශයෙන් චීනය ක්‍රියාත්මක කරයි.
චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා අද(30) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය. ඒ දෙස් විදෙස් පුද්ගල හුවමාරු ප්‍රවර්ධනය කිරීම අරමුණෙනි.
2024 වසරේ ඔක්තොබර් මස 15 වනදා සිට 2025 වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා සංචාර, වාණිජ, ඥාතීන් හමුවීම හා තාවකාලික සංක්‍රමණය කිරීම සඳහා දින 15ක් නොඉක්මවන කාලයක් වෙනුවෙන් චීනයට පැමිණෙන එම රටවල සාමාන්‍ය ගමන් බලපත්‍රය හිමි පුද්ගලයන් වෙත වීසා නිදහස් පහසුකම හිමිවන බව Lin Jian මහතා කීය.