ලෙබනනයට එල්ල කරන ලද ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීන ජනතා පෙරමුණේ නායකයින් තිදෙනෙක් ජීවිතක්ෂයට
2024-09-30 09:44:00
Share with:
ලෙබනනයට එල්ල කරන ලද ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් පලස්තීන විමුක්තිය සඳහා වූ ජනතා පෙරමුණේ නායකයින් තිදෙනෙක් මිය ගිය බව එම පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ලෙබනනයේ බේරූට් අගනුවර නේවාසික ගොඩනැගිල්ලකට අද(30) අලුයම ගුවන් ප්‍රහාරය එල්ල වී තිබේ. ඉන් පුද්ගලයන් හතර දෙනෙකු මිය ගිය බව ලෙබනන් රූපවාහිනිය වාර්තා කළේය. පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ඊශ්‍රායලය සහ ලෙබනන් හිස්බුල්ලා සංවිධානය අතර ගැටුමක් ඇතිවීමෙන් පසු ඊශ්‍රායලය බේරූට් වෙත ප්‍රහාර එල්ල කළ පළමු අවස්ථාව මෙයයි.