චීන මහජන සමූහාණ්ඩුවේ 75 වන අභිමානවත් සංවත්සරය සමරමින් විශේෂ ප්‍රසංගයක්
2024-09-30 08:58:21
Share with:
චීන මහජන සමූහාණ්ඩුවේ 75 වන අභිමානවත් සංවත්සරය සැමරීම වෙනුවෙන් ඊයේ(29) රාත්‍රියේ විශේෂ ප්‍රසංගයක් පැවැත්විණ. ඒ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙනි.
අග්‍රාමාත්‍ය Li Qiang, Zhao Leji, Wang Huning, Cai Qi, Ding Xuexiang, Li Xi සහ Han Zheng යන මහත්වරුන් මෙන්ම විවිධ පක්ෂ සහ රාජ්‍ය නායකයින්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නායකයින් ඇතුළු 3,000 කට අධික පිරිසක් මෙම ප්‍රසංගයට සහභාගී වී ඇත.
මෙම ප්‍රසංගය සාම්ප්‍රදායික මෙන්ම විවිධ වාද්‍ය සහ ගායන සංදර්ශනවලින් ද වෙනත් කලාත්මක නිර්මාණයන්ගෙන් ද සමන්විත විය. ප්‍රසංගය අවසන් වූයේ සමස්ත ප්‍රේක්ෂකාගාරයම "Ode to the Motherland" හෙවත් “මාතෘ භූමියේ ගේය කාව්‍ය” එක්ව ගායනා කිරීමෙනි.