චීන ජනපතිගේ අදහස් ඇතුළත් විශේෂ ලිපියක් Qiushi සඟරා‍වේ පළ කෙරේ
2024-09-30 17:22:15
Share with:

චීන ජනපති ෂී ජින් පිං මහතාගේ අදහස් ඇතුළත් විශේෂ ලිපියක්, හෙට(1) Qiushi සඟරා‍වේ පළ කෙරේ. "දේශප්‍රේමයේ ශ්‍රේෂ්ඨ ආත්මය ප්‍රබල ලෙස ඉදිරියට ගෙන යමින් ශක්තිමත් රටක් ගොඩනැගීමේ සහ ජාතික පුනර්ජීවනයේ මහා අරමුණ අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතුයි" යන්න එම ලිපියේ තේමාවයි. මෙය 2012 නොවැම්බර් සිට 2024 මැයි මාසය දක්වා ෂී ජින් පිං මහතා ගේ වැදගත් ප්‍රකාශයන්ගේ උපුටා ගැනීමකි.

චීන ජාතික ජීවගුණයේ හරය දේශප්‍රේමය බව එම ලිපිය අවධාරණය කරයි. මාතෘභූමියේ සංවර්ධනය හා සමෘද්ධිය සඳහා වෙහෙස නොබලා කටයුතු කිරීමට චීන ජාතිකයින්ගේ පරම්පරා ගණනාවක් දිරිමත් කර ඇත්තේ එම ශක්තියයි. දේශප්‍රේමයේ ජීවගුණය ඉදිරියට ගෙනයාම සඳහා, දේශප්‍රේමය අධ්‍යාපනය සදාකාලික තේමාවක් ලෙස සැලකිය යුතු අතර, දේශප්‍රේමයේ සහ සමාජවාදයේ එකමුතුකම පිළිපැදිය යුතුය. එසේම මාතෘභූමියේ ඒකීය භාවයත් ජාතික සමගියත් ආරක්ෂා කළ යුතු අතර, චීන ජාතියේ ඉතිහාසය හා සංස්කෘතියට ගරු කරමින් එය ආරක්ෂා කළ යුතු බව, මෙම ලිපිය සඳහන් කරයි.

දේශප්‍රේමයේ ජීවගුණය ඉදිරියට ගෙන යාම ආරම්භ කළ යුත්තේ දරුවන්ගෙනි. තම පරමාදර්ශ මාතෘභූමියේ අනාගතය හා ඔවුන්ගේ ඉරණම ජාතියේ ඉරණම සමඟ සමීපව සම්බන්ධ කිරීමට සිසුන් දැනුවත් කිරීම හා මඟ පෙන්වීම අවශ්‍ය වේ. දරුවන්ගේ සහ නව යොවුන් වියේ දරුවන්ගේ දේශප්‍රේමී හැඟීම් වැඩි දියුණු කිරීම සහ ජාතික අභිමානය සහ ආත්ම විශ්වාසය වැඩි දියුණු කළ යුතු බව, මෙම ලිපිය අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම