චීනයේ උත්තරීතර විරුදාවලිය විශිෂ්ටයින් 15දෙනෙකුට
2024-09-30 09:53:50
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික පදක්කම් හා ජාතික ගෞරව නාම ප්‍රදානෝත්සවය ඊයේ(29) බෙයිජිංහි මහජන මහා ශාලාවේ දී අති උත්කර්ෂවත් ව පැවැත්විණ.

එහිදී සිව්දෙනෙක් ‘සමූහාණ්ඩු ජාතික පදක්කම්’වලින් පිදුම් ලැබූහ. ඒ අනුව අභාවප්‍රාප්ත අභ්‍යවකාශ විශේෂඥයෙකු, වෛද්‍ය විද්‍යා හා වෛද්‍ය අධ්‍යාපනික විශේෂඥයෙකු, තිරිඟු ප්‍රභේද ජනන හා කෘෂිකාර්මික විශේෂඥයෙකු මෙන් ම තම දිවිපරදුවට තබා සේවය කළ අභීත රණවිරුවෙකු  එලෙස පදක්කම් ලබා ගත් විශිෂ්ට පුද්ගලයන් ය.

විද්‍යා හා තාක්ෂණ, ජාතිකාරක්ෂාව, කලාව, ඉංජිනේරු විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, ආර්ථිකය, ක්‍රීඩාව ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහා ඇපකැප වූ පුද්ගලයන් 10දෙනෙකු ජාතික ගෞරව නාම පදක්කම් ද හිමි කර ගෙන තිබේ.

එසේ ම, චීනය හා බ්‍රසීලය, චීනය හා ලතින් ඇමරිකානු රටවල් අතර යහපත් සබඳතාව වෙනුවෙන් බහුවිධ ආකාරයෙන් දායකත්වය  ලබා දුන් බ්‍රසීලයේ හිටපු ජනාධිපතිනි සහ නව සංවර්ධන බැංකුවේ අධිපතිනි Dilma Rousseff මහත්මිය ‘මිත්‍රත්ව පදක්කමෙන්’ පිදුම් ලැබුවාය. බ්‍රසීලය හා චීනය මෙන් ම දෙරට ජනතාව අතර සවිමත් මිතුදම මෙමගින් පිළිබිඹු වන බව පදක්කම් ප්‍රදානෝත්සවයේ දී ඇය කියා සිටියාය.


ගුවන් විදුලිය
20241012සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම