දකුණු චීන මුහුදු ප්‍රදේශයේ යාත්‍රාකරණයේ සැබෑව නමින් වාර්තා චිත්‍රපටයක්
2024-09-30 19:24:11
Share with:

දකුණු චීන මුහුදු උපාය මාර්ගික තත්ත්වය පරීක්ෂා කිරීමේ සැලැස්ම නමැති චීන බුද්ධි මණ්ඩලය පසුගිය 27 වනදා දකුණු චීන මුහුදු ප්‍රදේශයේ නාවික සහ පියාසර තත්ත්වය පිළිබඳ වාර්තාව නිකුත් කළේය. එම වාර්තාවට අනුව චීන මාධ්‍ය සමූහය දකුණු චීන මුහුදු ප්‍රදේශයේ මීදුම මධ්‍යයේ යාත්‍රාකරණයේ  සැබෑව නමින් වාර්තා චිත්‍රපටයක් නිකුත් කර තිබේ.

එම වාර්තාවට අනුව දකුණු චීන මුහුද, ලෝකයේ සමෘද්ධිමත් ම, විවෘත ම මෙන්ම කාර්යබහුල ම මුහුදකි. එම වාර්තාව ඔස්සේ දකුණු චීන මුහුදු ප්‍රදේශයේ නාවික හා පියාසර සැබෑ තත්ත්වය ප්‍රථම වරට සම්පූර්ණයෙන්ම හෙළිදරව් කර තිබේ. දකුණු චීන මුහුදේ සාමය, ස්ථාවරත්වය, නිදහස හා ආරක්ෂාව ඒකාබද්ධව රැක ගන්නා ලෙස එම වාර්තාවෙන් ඒ ප්‍රදේශයේ රටවල් හා බාහිර රටවල්වලින් ඉල්ලීමක් කෙරේ.

අදාළ සංඛ්‍යාලේඛණ මත දකුණු චීන මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කිරීම පිළිබඳ සැඟවුනු සැබෑව නමැති වාර්තා චිත්‍රපටයෙන් පෙන්නුම් කෙරෙන්නේ අන් රටකට වඩා චීනය, දකුණු චීන මුහුදේ සාමය හා ස්ථාවරත්වය අගය කරන බවයි. එමෙන්ම ජාත්‍යන්තර නීතියට අනුව විවිධ රටවලට හිමි දකුණු චීන මුහුදේ නාවික හා පියාසර නිදහසට චීනය මුල සිටම අනුබල දෙයි. ජාත්‍යන්තර නීතිය යටතේ නාවික නිදහසට වඩා ඇමරිකාව ප්‍රකාශ කළ ඊනියා නාවික නිදහස් මෙහෙයුම, සම්පූර්ණයෙන්ම වෙනස් බව එම චිත්‍රපටයෙන් පැහැදිලි කෙරේ. විදේශ රටවල් සිය මුහුදු සීමාව හා ගුවන් සීමාව උල්ලංඝනය කිරීමේ ක්‍රියාවන් පිළිබඳව චීනය ගත් පියවර ජාත්‍යන්තර රෙගුලාසියට ගැළපෙන සාධාරණ මෙන්ම නීත්‍යනුකූල පියවරයන් බව එම චිත්‍රපටයෙන් පිළිබිඹු කෙරේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම