චීන මහජන සමූහාණ්ඩුවේ 75 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් කැනඩාවේ දී
2024-09-30 14:11:23
Share with:

චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් “මාගේ චීන කතන්දරය” නමින් විශේෂ උත්සවයක්  පසුගිය 25වැනිදා  කැනඩාවේ ඔටාවා නුවරදී සාර්ථකව පැවැත්විණ. චීන මාධ්‍ය සමූහය සහ කැනඩාවේ චීන තානාපති කාර්යාලය එක්ව මෙම උත්සවය සංවිධාන කර ඇත. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා වීඩියෝ තාක්ෂණයෙන් එහිදී දේශනයක් පැවැත්වීය.

චීන මාධ්‍ය සමූහය “මාගේ චීන කතන්දරය” නම් ගෝලීය නිර්මාණ රැස්කිරීමේ ක්‍රියාකාරකම දියත් කළේ නව චීනය පිහිටුවීමේ 75 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් බවත්, රටවල් 60කට වැඩි ගණනක මිතුරන් චීනය පිළිබඳ කතන්දර 1600කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කළ බවත් Shen Haixiong මහතා එහිදී සඳහන් කළේ ය. ජාත්‍යන්තර මානව හුවමාරු ශක්තිමත් කිරීම, ගෝලීය ශිෂ්ටාචාර අතර සංවාදය ප්‍රවර්ධනය කිරීම,  ජනතා සන්නිවේදනය ප්‍රවර්ධනය කිරීම සහ මානව ශිෂ්ටාචාරයේ උරුමය පිළිබඳව වාර්තා කිරීම සඳහා චීන මාධ්‍ය සමූහය අඛණ්ඩව සිය වගකීම ඉටු කරනු ඇති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම