චීන මහජන සමූහාණ්ඩුවේ 75වැනි සංවත්සරය සනිටුහන් කරමින් විශේෂ භෝජන සංග්‍රහයක් අද (30) රාත්‍රී බෙයිජිං හි මහජන මහ ශාලාවේදී පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇතුළු කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජිකයෝ මෙන්ම විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන දෙස් විදෙස් පුද්ගලයෝ 3000ක් පමණ එම අවස්ථාවට සහභාගි වූහ.
එහිදී ෂී ජින් පිං ජනාධිපතිවරයා දේශනයක් සිදු කළේ ය. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව හා චීන රාජ්‍ය මණ්ඩලය වෙනුවෙන් සමස්ත චීන ජනතාව සහ හොංකොං, මැකව් හා තායිවාන ස්වදේශිකයන් වෙත සුභාෂිංසනය පිරිනමන අතර චීන මහජන සමූහාණ්ඩුවේ සංවර්ධනයට සහාය දෙන මිත්‍ර රටවල් හා විදේශීය මිතුරන් වෙත කෘතඥතාව පුද කරන බව හෙතෙම සිය දේශනයෙන් ප්‍රථමයෙන් සඳහන් කළේ ය. චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවා ගෙවුණු වසර 75 තුළ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ සමස්ත චීන ජනතාව අප්‍රතිහත අධිෂ්ඨානයෙන් සීග්‍ර ආර්ථික වර්ධනයක් හා දිගුකාලීන සමාජීය ස්ථාවරත්වයක් අත්කරගෙන තිබේ. චීන ජාතික පුනිර්ජීවනය සාක්ෂාත් කරගැනීම උදෙසා වත්මන් කාලයේ කොමියුනිස්ට් පක්ෂය චීන ලක්ෂණයෙන් යුත් නවීකරණය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරමින් සිටී. චීන මහජන සමූහාණ්ඩුවේ සංවත්සරය සැමරීමට සුදුසුම ක්‍රමය වන්නේ එම පෙර නොවූ විරූ දැවැන්ත සංවර්ධන ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම යැයි චීන ජනාධිපතිවරයා පෙන්වා දෙයි. එය නව යුගයේ කොමියුනිස්ට් පක්ෂයේ සහ චීන රජයේ කේන්ද්‍රීය කාර්යයක් බව හෙතෙම වැඩිදුරටත් කියා සිටී. චීන ලක්ෂණයෙන් යුත් නවීකරණය තවදුරටත් ඉදිරියට ගෙන යාමට නම් කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය සැමවිටම තිබිය යුතු අතර චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදී මාවතේ චීනය එල්බ සිටිය යුතු ය. ජනතාව කේන්ද්‍රගත ව කටයුතු කිරීමේ වැදගත්කම ද චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි.
ගෙවුණු වසර 75 තුළ විශිෂ්ට සංවර්ධන ජයග්‍රහණ ලබාගත් චීන ජනතාව කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ වඩාත් ජයග්‍රහණ අත්කරගැනීමට අපේක්ෂාවෙන් සිටී. පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩ නැගීමේ සංකල්පය ඉදිරිපත් කළේ චීනයයි. එම සංකල්පය ක්‍රියාවට නංවා ගනිමින් ලෝක සාමය හා සංවර්ධනය උදෙසා තව තවත් කාර්යභාරයන් ඉටු කිරීමට බලාපොරොත්තු වන බව ද ෂී ජින් පිං ජනාධිපතිවරයා සිය දේශනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.