චීන නවීකරණය තුළින් ලොවට ගෙනෙන දායකත්වය චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා විස්තර කරයි.එක්සත් ජාතීන‍් ගේ මහ මණ්ඩලයේ 79 වන සැසිවාරය අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය. ලෝක සාමය හා ස්ථාවරත්වය,පොදු සංවර්ධනය,ගෝලීය පාලනය හා මානව ශිෂ්ඨාචාරය යන කරුණු 4 ප්‍රධාන වශයෙන් ඊට අන්තර්ගත විය. චීන නවීකරණය ලෝක සාමය හා ස්ථාවරත්වයට කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙන බව චීන විදේශ ඇමතිවරයා පැවසීය.චීන සංස්කෘතිය තුළ සාමය ඉහළින් අගය කෙරේ. බාහිර ව්‍යාප්ත කිරීම් චීන ජාතියේ සම්ප්‍රදායක් නොවන බවද වන්ග් යී මහතා පැවසීය. සාමකාමී සංවර්ධනය යන්න සිය ව්‍යවස්ථාව තුළ සඳහන් කර ඇති එකම ප්‍රධාන රට චීනය යැයිද හෙතෙම කීය.එමෙන්ම න්‍යෂ්ටික අවි සහිත රටවල් 5 අතරින් ප්‍රථමයෙන් න්‍යෂ්ටික අවි භාවිත නොකරන බවට ප්‍රතිඥා දී ඇත්තේ ද චීනය පමණි. උණුසුම් ප්‍රශ්ණ සම්බන්ධයෙන් චීන ආකාරයේ භාවිතයන් යොදා ගැනීම කෙරෙහි සක්‍රීය ලෙස අවධානය යොමු කෙරේ. සාමය ගොඩනැංවීම ප්‍රමුඛ ලෙස සැලකීමට ලක්කෙරෙන බවද චීන විදේශ ඇමතිවරයා කීය.චීන සංවර්ධනයේ සෑම පියවරක්ම සාමය වෙනුවෙන් වන බලවේගය වර්ධනය කරන්නකි.
චීන නවීකරණය පොදු සංවර්ධනය වෙනුවෙන් ශක්තිමත් ලෙස දායකවන්නක් බවද වන්ග් යී මහතා කීය. චීනය තමාගේම සංවර්ධනය කෙරෙහි පමණක් ක්‍රිය නොකරන අතර සියළු රටවල් සමග එක්ව සංවර්ධනය අත්කර ගැනීම චීනයේ අභිලාෂය යැයිද හෙතෙම සඳහන් කළේය. ඉහළ මට්ටමේ විවෘතභාවය, වීසා රහිත ප්‍රවේශය පුළුල් කිරීම, ඉහළ ගුණාත්මකභාවයේ එක් තීරයක් එක් මාවතක් සංවර්ධනය, 2030 තිරසර සංවර්ධන ඉලක්කය සපුරා ගැනීමට ශක්තිමත් පියවර ගැනීම,ගෝලීය දකුණු සහයෝගීත්වය වේගවත් කිරීම මෙන්ම ආසියාවේ සාමය හා සංවර්ධනය වෙනුවෙන් ක්‍රියා කිරීමේ පියවර ඊට අදාළ බව චීන විදේශ ඇමතිවරයා පැවසීය. චීන නවීකරණය ගොලීය පාලනයට ශක්තිමත් දායකත්වයක් ලබා දෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය. එක්සත් ජාතීන් වෙනුවෙන් මූල්‍ය සහාය ඇතුළු සහයෝගයන් ලබා දීමේ ප්‍රතිඥාවන් චීනය අඛණ්ඩව ඉටු කරනු ඇත. චීන නවීකරණයෙන් මානව ශිෂ්ටාචාරයේ ප්‍රගමනයට ශක්තිමත් දායකත්වයක් හිමි වන බවද චීන විදේශ ඇමතිවරයා කීය.සෙසු රටවලට නවීකරණ මාවත් සොයා යාමට ඉන් අවස්ථාවන් ජනිත කෙරෙනු ඇතැයිද වන්ග් යී මහතා පැවසීය. ශිෂ්ටාචාර අතර සංවාදය වෙනුවෙන් ජාත්‍යන්තර දිනයක් නම් කරන ලෙසට චීනය යෝජනා කර ඇතැයිද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.