චීන මහජන සමූහාණ්ඩුවේ 75 වැනි සංවත්සරයේ විශේෂ උත්සවයක් ඊයේ (28) ඇමරිකාවේ නිව්යෝර්ක් හිදී පැවැත්විණ. “මාගේ චීන කතන්දරය” යන තේමාවෙන් යුතු එය චීන මාධ්‍ය සමූහය විසින් සංවිධාන කරනු ලැබීය. ඇමරිකාවේ සෑම තරාතිරමකම හිතෛශීන් සහ විශ්වවිද්‍යාලවල ගුරුවරුන් රැසක් සහ සිසු නියෝජිතයින් ඇතුළු සියයකට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
චීන මාධ්‍ය සමූහයේ අධ්යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එහිදී මාර්ගගත ලෙස දේශනයක් පැවැත්වීය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ තුන්වන පූර්ණ සැසිය ගෝලීය නවීකරණය සඳහා නව සංවර්ධන අවස්ථා සපයා ඇති බවත් ශිෂ්ටාචාර අතර ප්රශස්ත හුවමාරු සහ අන්‍යෝන්‍ය ඉගෙනීම් සඳහා කවුළුව පුළුල් වී ඇති බවත් ඔහු පැවසීය. චීන මාධ්‍ය සමූහය ජාත්‍යන්තර මානුෂීය හා සංස්කෘතික හුවමාරු ශක්තිමත් කිරීම, ගෝලීය ශිෂ්ටාචාරයන් අතර සංවාදය ප්‍රවර්ධනය කිරීම සහ ජනතාව අතර සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම සිය මෙහෙවර ලෙස ගන්නා අතර පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමට අත්වැල් බැඳ කටයුතු කරනු ඇති බව ඔහු සඳහන් කළේය.