ලෙබනන් හිස්බුල්ලා නායකයාගේ මරණය සම්බන්ධයෙන් චීනය ප්‍රතිචාර දක්වයි
2024-09-29 16:35:46
Share with:

සැප්තැම්බර් 27 වැනිදා, ලෙබනනයේ Beirut නුවරට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර  හේතුවෙන් හිස්බුල්ලා සංවිධානයේ නායක Hassan Nasrallah මිය ගියේ ය.

මේ සම්බන්ධයෙන්, චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ලෙබනනයේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව උල්ලංඝනය කිරීමේ ක්‍රියා, අහිංසක සිවිල් වැසියන්ට හානිදායක සියලු ක්‍රියාවන්ට සහ කලාපීය ගැටුම් උත්සන්න කෙරෙන ඕනෑම පියවරකට චීනය විරුද්ධ වන බවයි. තත්ත්වය සමනය කරමින් ගැටුම තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙස චීනය ඊශ්‍රායලයෙන් සහ ඊට සම්බන්ධ සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම