ශ්‍රී ලංකා නව විදේශ ඇමති වෙත චීන විදේශ ඇමතිගෙන් සුබ පැතුම්
2024-09-29 22:39:47
Share with:

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය ධුරයට පත් විජිත හේරත් මහතා වෙත චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති Wang Yi මහතා සුබ පැතුම් පිරිනමයි. එම සුබ පැතුම් පණිවිඩය පසුගිය 27වැනිදා යොමු කර ඇත.

චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍ර සබඳතාවයේ දීර්ඝ ඉතිහාසයක් ඇති අතර විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාවය දෙරටට ප්‍රයෝජනවත් වන බව Wang Yi මහතා සඳහන් කළේය. දෙරටේ නායකයින් විසින් ඇති කර ගත් වැදගත් එකඟතාව ක්‍රියාවට නැංවීමටත්, චීනය සහ ශ්‍රී ලංකාව අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමටත්, දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කිරීමටත් අභිනව විදේශ අමාත්‍යවරයා සමඟ කටයුතු කිරීමට තමා කැමැත්තෙන් සිටින බව Wang Yi මහතා පැවසීය. එසේම, අවංක අන්‍යෝන්‍ය සහාය සහ සදාකාලික මිත්‍රත්වයෙන් බැඳුණු චීනය සහ ශ්‍රී ලංකාව අතර උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වය ප්‍රවර්ධනය කර නව ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බව ද ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම