ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍ය ධුරයට පත් ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට වෙත චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා සුබ පැතුම් පිරිනමයි. එම සුබ පැතුම් පණිවිඩය පසුගිය 27වැනිදා යොමු කර ඇත.
චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයේ දීර්ඝ ඉතිහාසයක් පවතින බව Li Qiang මහතා සඳහන් කළේය. මීට වසර 67 කට පෙර චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වූ දා සිට දෙපාර්ශ්වය සෑම විටම එකිනෙකාට ගරු කරමින්, එකිනෙකාට සමානව සලකමින්, එකිනෙකාට උපකාර කරමින් දෙරට අතර සබඳතා සෞඛ්‍ය සම්පන්න සහ ස්ථාවර සංවර්ධනයක් පවත්වා ගෙන ගොස් ඇත. දෙරටේ නායකයින් විසින් ඇති කර ගත් වැදගත් එකඟතාව ක්‍රියාවට නැංවීමටත්, සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමටත්, විවිධ ක්ෂේත්‍රවල හුවමාරු සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමටත් අගමැතිතුමිය සමඟ කටයුතු කිරීමට තමා කැමැත්තෙන් සිටින බව Li Qiang මහතා පැවසීය. එසේම, අවංක අන්‍යෝන්‍ය සහාය සහ සදාකාලික මිත්‍රත්වයෙන් බැඳුණු චීනය සහ ශ්‍රී ලංකාව අතර උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වය ප්‍රවර්ධනය කර නව ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බව ද ඔහු පැවසීය.