නේපාලයට බලපෑ ගංවතුර හා නායයෑම්වලින් පුද්ගලයින් 100කට වැඩි දෙනෙක් ජීවිතක්ෂයට
2024-09-29 10:44:45
Share with:

අඛණ්ඩව ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් නේපාලයේ ගංවතුර සහ නායයෑම් යන ආපදා තත්ත්වයන් මතුව ඇත. ඒ හේතුවෙන් ඊයේ (28) දක්වා පුද්ගලයින් 100කට වැඩි දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් 65 දෙනෙකු අතුරුදහන් වූ බව එරට පොලිසිය වාර්තා කරයි.

එමෙන්ම පසුගිය 27 වනදා සිට මෙම ආපදා තත්ත්වය හේතුවෙන් විවිධ ප්‍රදේශවල පුද්ගලයින් 1,252 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට නේපාල පොලිසිය සමත් වූ බව නේපාල පොලිස් ප්‍රකාශක Dan Bahadur Karki මහතා පවසයි. 

එරට වාර්තා අනුව රටේ සෙසු ප්‍රදේශ කත්මණ්ඩු අගනුවර හා සම්බන්ධ කරන අධිවේගී මාර්ග ඇතුළුව සියලුම මහාමාර්ග ආපදා තත්ත්වය හේතුවෙන් අවහිර වී ඇත. විපතට පත් පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා 20,000කට අධික පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ඇති බව ද එරට රජය සඳහන් කර ඇත.

 

 

 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම