ජනපති “කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය”ට එක් වෙයි
2024-09-29 16:47:57
Share with:

සාහිත්‍ය මාසය නිමිති කර 25 වන වරටත් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන “කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය”සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(28) එක් විය.

මෙවර පොත් ප්‍රදර්ශනය කුටි 400කින් පමණ සමන්විත වේ. දෙස් විදෙස් පොත් ඇතුළත් කුටි කිහිපයක් නිරීක්ෂණ කළ ජනාධිපතිවරයා ප්‍රදර්ශනයට පැමිණ සිටි ජනතාව සමඟ ද කෙටි පිළිසඳරක නිරත විය.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා විසින් ළමා පොත් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කෙටුම්පත ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන “කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය”සැප්තැම්බර් 27 වන දින සිට ඔක්තෝබර් 06 වැනිදා දක්වා පෙ.ව 9.00 සිට රාත්‍රි 7.00 වන තෙක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ප්‍රදර්ශන ශාලා පරිශ්‍රයේ දී පැවැත් වේ.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම