චීන මාධ්‍ය සමූහයේ ‘UN Insider’වැඩසටහන එක්සත් ජාතීන්ගේ රූපවාහිනී නාලිකාවෙන් විකාශනය ඇරඹේ
2024-09-29 19:51:11
Share with:

චීන මාධ්‍ය සමූහයේ ‘UN Insider’වැඩසටහන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රූපවාහිනී නාලිකාවෙන් විකාශනය කෙරේ.

‘UN Insider’නමැති චීන මාධ්‍ය සමූහයේ සතිපතා වැඩසටහන ඊයේ(28) පැවති එක්සත් ජාතීන්ගේ 79වැනි මහා මණ්ඩලය අතරතුරදී එක්සත් ජාතීන්ගේ රූපවාහිනී නාලිකාවෙන් විකාශනය වීම ආරම්භ කෙරිණ.

ඊයේ(28) විකාශනය වූ‘Written In the Sky : My China Story’නමැති එක්සත් ජාතීන‍්ගේ සංවිධානය පිළිබඳ විශේෂ වැඩසටහනේදී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ Shen Haixiong මහතා වීඩියෝ ආකාරයෙන් දේශනයක් පැවැත්වීය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය අනුව යමින් ගෝලීය නවීකරණයට නව අවස්ථා සපයා ඇතැයි හෙතෙම එහිදී පැවසීය. ජාත්‍යන්තර මානව හුවමාරු ශක්තිමත් කිරීම සඳහා කෘත්‍රිම බුද්ධි සංගීත වීඩියෝ සහ කලාත්මක ප්‍රසංග ඇතුළු පොහොසත් ආකෘති හරහා, එය ගෝලීය ප්‍රේක්ෂකයන්ට දැකුම්කළු වැඩසටහන් මාලාවක් ලෙස ලබා දීමට චීන මාධ්‍ය සමූහය සූදානමින් සිටින බව ද Shen Haixiong මහතා සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්ය භාරය කෙරෙහි අවධානය යොමු කරන ලොව එකම රූපවාහිනී වැඩසටහන ලෙස, චීන මාධ්‍ය සමූහයේ ‘UN Insider’ වැඩසටහන පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව සහ බහුපාර්ශ්වවාදය වෙනුවෙන් පෙනී සිටී.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම