ලෙබනනයේ ප්‍රදේශ රැසක් වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් 33 දෙනෙක් ජීවිතක්ෂයට
2024-09-29 11:30:38
Share with:

ලෙබනනයේ ප්‍රදේශ රැසක් වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින්  33 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. 195 දෙනෙක් තුවාල ලබා ඇතැයි ද ලෙබනන‍ පොදු සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ(28) ප්‍රකාශ කළේය.

ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානා හා ඩ්‍රෝන යානා මගින් ඊයේ(28) ලෙබනනයේ දකුණු ප්‍රදේශයේ ගම්මාන හා නගර 45ක්, අගනුවර හා Beqaa පළාත වෙත ගුවන් ප්‍රහාර 90ක් පමණ එල්ල කර තිබේ. පසුගිය 17 වනදා ලෙබනනයේ පේජර් සන්නිවේදන උපකරණ පිපිරීම සිදුවීමෙන් පසු ලෙබනනයේ Hezbollah පක්ෂය හා ඊශ්‍රායලය අතර ගැටුම් වේගවත්ව උග්‍ර වී තිබේ. ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාරයෙන් සිය නායක Hassan Nasrallah මිය ගිය බව ලෙබනනයේ Hezbollah සංවිධානය ඊයේ(28) ප්‍රකාශ කළේය. ඒ වෙනුවෙන් දින 3ක ශෝක කාලයක් ලෙබනන රජය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

එදිනම ඊශ්‍රායල අග්‍රාමාත්‍ය Benjamin Netanyahu අවධාරණය කළේ ඊශ්‍රායලය හමුදා ක්‍රියාකාරකම් නතර නොකරන බවයි. ඉරා‍නයේ හෝ මැද පෙරදිග ප්‍රදේශයේ ඕනෑම ස්ථානයකට ඊශ්‍රායලයට මැදිහත් විය හැකි බව ද ඔහු කීය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම