සමස්ත ලෝකයටම වඩාත් හිතකර වන චීනයේ ප්‍රතිසංස්කරණ
2024-09-29 17:40:20
Share with:

චීනය මේ සියවස තුළ වේගවත් සංවර්ධනයක් හිමි කර ගනිමින් නව ගමනක යෙදී සිටී. වෙනස් වන ලෝකයට සරිලන පරිදි සිය ප්‍රතිපත්තිමය සැලසුම් සකස් කිරීමේ නම්‍යශීලී හැකියාව චීන පාලන තන්ත්‍රයේ සුවිශේෂ ලක්ෂණයකි. පසුගිය දා හඳුන්වා දුන් චීනයේ නව ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඒ අතර ප්‍රධාන වේ. ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කරමින් චීන මාදිලියේ නවීකරණය ඉදිරියට මෙහෙයවීම චීනයේ අරමුණයි. එය හුදෙක් චීන ජනතාවට පමණක් නොව සමස්ත ලෝකයටම වඩාත් හිතකර ප්‍රවේශයක් වනු ඇති බව ප්‍රවීණ මාධ්‍යවේදී මහේෂ් සේනානායක මහතා පවසයි.

කෘෂිකාර්මික, කාර්මික හා සේවා යන සියලු නිෂ්පාදන ව්‍යුහයන් නවීකරණය කරමින් රටේ ශ්‍රම බලකාය නිපුණත්වයෙන් බලගැන්වීමට චීනය කටයුතු කරමින් සිටී. දේශීය මෙන්ම විදේශීය වෙළඳ පරිසරය තුළ ද ගුණාත්මක ඵලදායිතාව සහතික කිරීම එහිදී වඩා වැදගත් ය. සාම්ප්‍රදායික ශිල්ප ක්‍රම තවදුරටත් ආරක්ෂා කරමින් නවීන ශිල්ප ක්‍රම ඔස්සේ ආර්ථික ඉලක්ක සපුරා ගැනීමේ මෙම වැඩපිළිවෙළ චීනයට අනාගත සංවර්ධනයේ දොරටු විවර කිරීමකි. විශේෂයෙන්ම තරුණ පරපුරට සිය අනාගත රුකියා අවස්ථා සඳහා පුළුල් ප්‍රවේශයක් මෙන්ම නව අධ්‍යාපන අවස්ථා ද චීනය නිර්මාණය කරමින් සිටී. එය අනාගතය සඳහා ඵලදායී අයෝජනයක් වන අතර චීනයේ තිරසර පැවැත්ම වෙනුවෙන් මහෝපකාරී වනු ඇති බව ද හෙතෙම කියාසිටී.

විශේෂයෙන්ම නව චීනය ස්ථාපිත කිරීමේ  75 වන සංවත්සරය සමරන මේ මොහොත වන විට චීනය ඉතා සාර්ථක සංධිස්ථානයක සිටී. ගෙවී ගිය කාලය තුළ ලැබූ අත්දැකීම්, සාර්ථකත්වයන් සහ අභියෝග ඔස්සේ චීනය සිය අනාගතය සාර්ථකව නිර්මාණය කර ගනු ඇතැයි අපේක්ෂා කළ හැකි  බව ද මහේෂ් සේනානායක මහතා සඳහන් කරයි. 

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම