රාජ්‍ය ආයතනවල සිදු වූ වංචා දූෂණ සෙවීමට විශේෂ කමිටුවක්
2024-09-29 16:46:18
Share with:

රාජ්‍ය ආයතනවල සිදු වූ වංචා දූෂණ සෙවීම සඳහා විශේෂ කමිටුවක් පත් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි.

ඒ සඳහා ආයතනිකව කමිටු පත් නොකරන බවත් රජය ඊට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් ඇය වැඩිදුරටත් කියා සිටී.

පසුගිය දා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ආයතනවල ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

රාජ්‍ය මුදල් නාස්තිය සහ අවභාවිතය පිළිබඳව රජයක් ලෙස දැඩි අවධානයෙන් සිටින බවත්, වියදම් පාලනය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරන බවත් ඇය පැවසුවාය.

ක්‍රිඩා කටයුතු සහ රජකාරීයේදී සිදුවන හිංසන සහ අපයෝජන පිළිබඳ සොයා බැලීමට නිසි වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ද අගමැතිවරිය නිලධාරීන්ට උපදෙස් දී ඇත.

ගුවන් විදුලිය
20241107බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම